හදිසි නීතිය ඉවතට!

දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමිනි.

මේ මස 18 වන දායින් හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබිණි.


ඊට හේතුව ජූලි 18 වන දා පැනවූ හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ, ජූලි 27 වන දා වන බැවිනි.  එහෙත්  අගෝස්තු 29 දක්වා කල් තබා ඇත.

ඒ අනුව, අගෝස්තු 18 වන දා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගත වන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ, මසක් ඉක්මවීමට පෙර ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නීතිය නැවත දීර්ඝ කරන්නේ නම්, එය නැවත මසක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව අනුමත කළ යුතු ය.

 

 

Exit mobile version