හදිසි නීතිය ඉබේම ආහෝසියි… අද සිට රට තුළ හදිසි නීතිය නෑ…

ජනාධිපතිවරයා විසින් පසුගිය 06 වැනිදා පනවන ලද  හදිසි අවස්ථා නියෝගය අවලංගු වී තිබේ.

මේ වනවිට තවදුරටත් රටේ හදිසි නීතිය බලපැවැත්වෙන්නේ නැත.

ජනාධිපතිවරයා  විසින් පැනවූ හදිසි  අවස්ථා නියෝගය වළංගු වන්නේ දින 14ක් පමණක් බවත්, නෛතික පදනම අනුව මෙම නියෝගය මාසයක කාලයක් පවත්වා ගැනීමට නියෝගය ප්‍රකාශ කළ   දින සිට 10ක් තුළ    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර නොගත් නිසා    දෙසතියක් තුළදී  එය ඉබේම බල රහිතවන බවත් මේ පිළිබඳව පැහැදිලිකිරීමක්  කරමින් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.    .


“හදිසි අවස්ථාව ප්‍රකාශ කරලා දින 10ක් තුළ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. එහෙම වුනොත් තමයි ඒක සම්මත කරලා මාසයක් වලංගු කරන්න පුලුවන්.   හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ දින සිට දින 10ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැතිනම් එම නියෝගය දින 14කින්   ඉබේටම  ආහෝසි වී යනවා.“ ඔහු පැහැදිලි කර තිබිණි.

ජනාධිපතිවරයා හදිසි අවස්ථා නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 06 වැනිදා ය.   නමුත් යළි පාර්ලිමේන්තුව වූයේ පසුගිය   17 වැනිදා ය.  ඒ වනවිට දින 10 ඉක්මවා ගොස් බැවින් යළි එය දීර්ඝ කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය.  ඒ අනුව  හදිසි නීතිය ප්‍රකාශ කළ දිනයේ සිට දින 14ක් ඇතුළත ඉබේම   අවලංගු  වූයේය.  දින 14 ඊයේ දිනයෙන් (20) නිමා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව  අද සිට හදිසි නීතිය රටේ බල පැවැත්වෙන්නේ නැත.

Exit mobile version