හදිසි අනතුරකින් සෑම විනාඩි 45කටම වරක් පුද්ගලයෙක් මැරෙන රටක්…

Accident

සෑම විනාඩි 45කටම වරක් පුද්ගලයෙක්   හදිසි අනතුරක් හේතුවෙන් මිය යන බව කරන ලද අධ්‍යනයකදී හෙලි වී  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි අනතුරු වැලැක්වීමේ කළමණාකරන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග   සඳහන් කරයි.

මේ අනුවන වසරකට හදිසි අනතුරුවලින් පුද්ගලයින්  12000ක්   මිය යන බවත්,   දිනකට හදිසි අනතුරු මරණ 35 වාර්තාවන බවත් ඔහු පෙන්වා දෙයි.   

මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමට ඇති ප්‍රධානතම හේතුව හදිසි අනතුරු වන අතර වසරකට රෝහල් ගත වන පිරිස දළ වශයෙන්  ලක්ෂ 65ක් පමණ වන බවත්  ඉන් මිලියන 1.3ක් දෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්  වෛද්‍ය සිරිතුංග කියයි.


දිනකට හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3500ක් බවද ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හදිසි අනතුරු අවම කර ගැනීම සදහා කටයුතු නොකළහොත් ඉදිරි වසර 5  6  තුළදී මෙම සංඛ්‍යාවට තවත්  රෝගීන් දසලක්ෂයක් පමණ වැඩිවනු ඇතැයි වෛද්‍ය විජේතුංග කියයි.

Exit mobile version