හදිසියේ ගමන් කළ උතුරු දුම්රියක වැදී ගවයින් 12ක් මරුට…

දිනසේන රතුගමගේ –

පර්යේෂණ ගමන් වාරයක් සඳහා උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කළ  විශේෂ දුම්රියක ගැටී අද 18   උදෑසන එල ගවයින් 12 දෙනෙකු මරුමුවට පත් වී තවත්  6 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගවයින් රංචුවක් මෙම අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ කොඩිගාමම් ඒරාම් ප්‍රදේශයේදීය.

ගවයින්ගේ අයිතිකරුවන් පැමිණ තුවාල ලද ගවයින් රැගෙන ගොස් ඇති අතර මියගිය  ගවයින් දුම්රිය  මාර්ගය අසලම වළ දැමීමට පියවර ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාලයකින් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොවූ නිසා ගවයින් දුම්රිය මාර්ගය හරහා නිදැල්ලේ ගමන් කිරීමට පුරුදුව සිටි අතර හදිසියේ පැමිණි මෙම දුම්රියේ ගැටී එම ගවයින් මියගිය බව මියගිය ගවයින්ගේ අයිතිකරුවෝ ප්‍රකාශ කළහ.

Exit mobile version