හක්මන දී වැලි ටිපර් රථයට යට කළ දෙවන පොලිස් නිලධාරියත් ජීවිතක්ෂයට .

අනතුරට ලක් කළ අවස්ථාව සී.සී.ටී.වී කැමරාවල සටහන්ව තිබූ අයුරු

මාතර – සම්පත්  –
පසුගිය ජුලි මස 13 වන දින හක්මන කෝංගල මාර්ග බාධකයකදී ටිපර් රථ රියදුරෙක් විසින් අනතුරට ලක් කළ පොලිස් නිලධාරීන් තිදෙනා අතරින් දෙවන පොලිස් නිලධාරියාත්  ඊයේ ( 20 ) මිය ගියේය.
මිනීමරු  ටිපර් රථ රියදුරා විසින් යටකර දැමූ එක් පොලිස් නිලධාරියෙක්   එම ස්ථානයේදීම එදින ජීවිතක්ෂයට පත්වූ අතර බරපතළ තුවාල ලැබූ අනෙක් පොලිස් කොස්තාපල්වරයා සහ පොලිස් සැරයන්වරයා මාතර මහ රෝහලේ මහරෝහලේ    දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඊයේ (20) අලුයම කාලයේ එම  පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්විය.
අපරික්ෂාකාරී රිය ධාවනයට එරෙහිව ලබා දුන් දඩකොලයක් නිසා කුපිත වූ වැලි ටිපර් රියදුරා විිසින් මේ අපරාධය සිදු කර තිබුණේ මාතර සිට හක්මන දෙසට රථය ධාවනය කර      නැවත හරවා ගෙන පැමිණ පොලිස් නිලධාරීන් සිටි තාවකාලික  මුරකුටියත් සමග මාර්ග බාධකය යටකර දැමීමෙනි.
එහිදී බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහලට රැගෙන යන අතරතුර එක් නිලධාරියෙකු අතරමඟ දී ජීවිතක්ෂයට පත්විය. සෙසු නිලධාරීන් දෙදෙනා බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේය. ඊයේ අළුයම අලුයම ඉන් තවත් නිලධාරියෙක් මිය ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ  මියගියේ හක්මන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් දොඩම්පහල හේවගේ  දිලිප් ( 47) නැමැති නිලධාරියාය. ඔහු තිදරු පියෙකි.. ඔහු මාතර කිරින්ද වතුකොළ කන්දේ පදිංචි කරුවෙකි.

Exit mobile version