සෞදියේදී අසනීප වූ ලාංකිකයා ප්‍රයිවට් ජෙට් එකකින් දිවයිනට

සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියදී රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු එම සමාගම විසින් පෞද්ගලික ජෙට් යානාවකින් මෙරටට එවා තිබේ.

මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුරව සිට ඇත.

එම සමාගම විසින් වෛද්‍යවරුන් සහ හෙදියන් කාණ්ඩායමක් ද ඇතුලත් පෞද්ගලික ජෙට් යානය මගින් ඇන්ඩෲ මෙරටට ගෙන ඒමේ ගමනට රුපියල් මිලියන 15 ක පමණ වියදමක් දරා ඇතැයි වාර්තා වේ.


ඇන්ඩෘ රොහාන් නැවත මෙරටට ගෙන්වා දීම පිළිබඳව ගල්ෆ් වෙස්ට් සමාගමේ හිමිකරු වන අයිඩ්‍රිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත ඇන්ඩෘගේ පවුලේ අය සිය කෘතඥතාවය පළ කර ඇත.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසනීප වන විට සෞදි අරාබියේ පිහිටි ගල්ෆ් වෙස්ට් නම් සමාගමේ සේවය කරමින් සිට තිබේ.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඔහුව රෝහල් ගත කොට තිබු අතර රොහාන්ගේ පවුලේ ඥාතින් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම අනුව ඔහු යළි ශ්‍රී ලංකාව බලා එවීමට අවශ්‍ය කටයුතු අදාළ සමාගම විසින් කර ඇත.

ඇන්ඩෘ රොහාන් රැගත් පෞද්ගලික ජෙට් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන අතර නියමිත පරිදි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පුර්ණ සුවය ලැබීමේ හැකියාව ඇති බව වෛද්‍යවරු පවසති.

Exit mobile version