සෞඛ්‍ය සේවක පඩි කෝටි ගණන් පිල්ලි ගැසූ නුවර ගිණුම් සේවිකාවන් බේරාගන්න මෙහෙයුමක්?

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් කෝටි දහයකට  ආසන්න  මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ‍සැකපිට අත්අඩංගුවට ගත් එම කර්යාලයේ ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනා සම්බන්ධව අභ්‍යන්තර විමර්ශන අත්තනෝමතික ලෙස කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සේවිකාවන් දෙදෙනා අතරින් ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිණිය ලෙස කටයුතු කළ අය මෙම වංචාව හෙළිදරවු වූ පසු, විමර්ශන කටයුතුවලට බධා නොවීම සඳහා   කලින් සේවය කළ මහනුවර නගර සභාවට 2021.10.01 දින සිට  මාරු කර යවා තිබුණත්  ඇය සිය අතිරේක යතුරු ඇතුළු ඉන්වෙට්‍රිගත භාණ්ඩ නිසි ලෙස භාර දී නැති බවට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්වරයා විසින්   නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වන්නේ සිදුවීම වී සැක කාරියන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත වීමෙනුත් සතියකට පසු වීම ඊට උදාහරණයක් බව ද එම ආරංචි මාර්ග පවසයි.

මෙම වංචාව වාර්තා වීමෙන් පසු මුල්ම ක්‍රියාමාර්ගය ලෙස ප්‍රධාන සැකකාරිය ඇය මුලින් සේවය කළ මහනුවර නගරසභාව වෙතටම ස්ථාන මාරුවක් දෙන්නේ 2021.10.01 දාය. ඇය යතුරු ඇතුළු ඉන්වෙන්ට්‍රිගත භාණ්ඩ භාර දිය යුතුව තිබුණේ එදාය. සැකකාරියගේ වැඩ තහනම් වන්නේ 2021.12.15 දාය. ඇය අත්අංගුවට පත්වන්නේ 2022.01.11. දාය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් සඳහා බන්ධනාගාරගත වන්නේ 1022.01.12 දාය.


සැකකාරිය යතුරු භාර දී නැති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වන්නේ 2022 ජනවාරි 20 දාය.

පසුගිය 12 වැනිදා   අධිකරණයට ඉදිරිපත් කළ  චෝදනා ලද සැකාරියන් දෙදෙනා සහ එක් සැකකාරියකගේ ස්වාමිපුරුෂයෙක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (26) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අද නඩුව යළිත් කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිරෝෂා මැදිවක , සජීවනී ජයරත්න හා එස්.ඊරියගොල්ල නැමැති තිදෙනාය.

Exit mobile version