සෞඛ්‍ය වර්ජනය නවතී… ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛය සෞඛ්‍ය අංශවලට බලනොපාන බව ප්‍රකාශ වෙයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නිකුත් කළ චක්‍රලේඛය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලනොපාන බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලිඛිතව ලබාදීමත් සමඟ අද දියත් කිරීමට සැලසුම් කර තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේය.

අද උදෑසන 07.00 සිට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තිය සමිති මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් පැවැත්වුණි.

මේ වනවිට වර්ජනය නවත්වා ඇති බවත්, ඇතිකර ගත් එකඟතාවයන්ට අදාළ වෘත්තිය සංගම් වෙත සාකච්ඡා සටහන් නිකුත් කර ඇති බවත් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.

Exit mobile version