සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

ශ්‍රී ලංකා සංචාරයන් සඳහා මින් මතු දිවයිනට  පැමිණෙන විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කාර්ය මණ්ඩලයට   PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ රජයේ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨ  රසායනාගාරයේදී සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට්   වෙත උපදෙස් දී  තිබේ.

මීට පෙර මෙම  PCR පරීක්ෂණ සිදු කිරීමට යොදා ගන්නා  ලද්දේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාසට අයත් නවලෝක රෝහලය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩලය ලංකාවට පැමිණ 01 සහ 03 දිනවලත්,  තරඟයට පෙර දිනවලත් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කළ යුතු බවත්,   එම සාම්පල, විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දරගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් රසායනාගාරයට ඉදිරිපත් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ජයවර්ධනපුර රසායනාගාරයට යවන PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 7500 ක් සහ ප්‍රතිදේහ පරීක්ෂණයක් සඳහා රුපියල් 5000 ක් ගෙවීමට ද නිර්දේශ කර ඇත.

Exit mobile version