සෞඛ්‍යය  විෂය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉවත් කරන්න එපා… සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි… 

නතාෂා නෙත්මිණි  –                                                      

පාසැල් විෂය නිර්දේශය තුළ පවතින සෞඛ්‍ය, හා සෞන්දර්යය විෂයන් අපොස සාපෙළ විභාගයට ඇතුළත් නොකිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගනිමින් සිටින බව  සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය විෂය හා සෞන්දර්යය විෂයන්  පාසැලේ 6වන වසරේ සිට දරුවන්ට ඉගැන් වූ අතර එය අපොස සාපෙල විභාගයට ද ඇතුළත්ව තිබූ නමුත් වසර 2024 නව විෂය නිර්දේශ  සකස් කර ඇත්තේ  අපොස සාපෙළ විභාගයට ඇතුළත් නොවන ලෙසට යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා  සඳහන් කළාය.

සෞඛ්‍ය විෂය පුද්ගලයෙකුගේ ජීවිතයට ඉතාමත් වැදගත් විෂයක්වන අතර විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පැතිර යන මෙවන් කාලයක සෞඛ්‍ය උපදෙස් මිනිසුන්ගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට  පත්ව ඇති බවත් සෞඛ්‍ය විෂය දරුවන්ගෙන් ඈත් කළහොත් එය ගැටලු ගණනාවක් ඇති කිරීමට හේතුවක් වන බවත් ඇය පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය විෂය අපොස සාපෙළ විභාගයේ අනිවාර්ය විෂයක් කිරීම සදහා අධ්‍යාපල බලධාරින්ට කරුණු ඉදිරිපත් කිරිම දිගින් දිගටම සිදුකිරීමටත් එයින් පලක් නොවුණ හොත්  මෙම ගැටලුව ජනාධිපතිවරයා වෙත  ගෙන යාමටද සෞඛ්‍ය අමාත්‍යංශ කටයුතු කරන බවද පැවසේ.

 

Exit mobile version