සෞඛ්‍යය ලොක්කෝ කොවිඩ් වෛරසයෙනුත් ගසා කන්නට සැරසෙති..

ශ්‍රියානි විජේසිංහ                                                   

වෛද්‍ය පර්යේෂණායතන තුළ  නිෂ්පාදනය කළ  “වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල” (පුද්ගලයෙකුට ආසාදනය වී ඇති කොරෝනා වෛරසය සොබ් එකක් ආධාරයෙන් පිටතට ගෙන  වතුර වැනි ද්‍රාවණයක් පුරවන ලද ටියුබය දමා ප්‍රවාහනය කිරිම ( ‌වයිරල් ට්‍රාන්ස්පෝට් මිඩියා )  නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

“වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා ” කට්ටල  පසුගිය පෙබරවාරි මාසයේදී ලෝකයේ කිසිදු රටකින් ලබා ගැනීමට නොහැකි වූ බැවින් එය වෛද්‍ය පර්යේෂණායතන තුළ නිෂ්පාදනය කළ අතර ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය එක් කට්ටලයක් සඳහා වැයකළේ රුපියල් 350ක මුදලකි. 

මේ සදහා ප්‍රතිපාදන වැඩියෙන් වෙන්කර එය නිෂ්පාදනය කරනවා වෙනුවට ප්‍රතිපාදන ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.


ප්‍රතිපාදන වෙන් නොකර මේවා විදේශීට රටවලින් ආනයනය කිරිමට පෞද්ගලික ආයතනයට ලබා දී ඇති බවත් ඒ සදහා රුපියල් 800ක් මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය වැය කරන බවද සඳහන්වේ.

මේ අනුව වෛද්‍ය පර්යේෂණායතනය තුල  “වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල ”නිෂ්පාදනය නොකරන බවට ලිඛිතව දැනුම් දෙන්නැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් වෛද්‍ය පර්යේෂණායතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් වෛද්‍ය පර්යේෂණායතනයේ නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් නැවත මෙම නිෂ්පාදනයන් රුපියල් 350ක් වැනි සුලු මුදලකට නිෂ්පාදනය කළ හැකි බවය.  

 

Exit mobile version