සෞඛ්‍යය නිර්ණායක ගැසට් එක නැවැත්තුවෙ ආණ්ඩුවේ ඉහළ දේශපාලකයෙක්…

සෞඛ්‍යය ආරංචි මාර්ග කියයි... ඡන්දෙට විතරක් ගැසට් ගහන්න නීතිපතිත් කැමති නැතිලු....

මැතිවරණයට අදාල සෞඛ්‍යය නිර්නායක අතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කිරීමට නොහැකි වී ඇත්තේ ඉහළ දේශපාලන හස්තයක බලපෑම නිසා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළහොත් සෞඛ්‍යය නිර්ණායක ආරක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත වැඩි බලයක් පැවරෙන බැවින්  එය තමන්ගේ මැතිවරණ ක්‍රියාවලියට සිදුකළ හැකි බලපෑම සලකා  එය වැළැක් වීමට ඉහත දේශපාලන හස්තය විසින් සෞඛ්‍යය බලධාරීන්ට බලපෑම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සකස් කරන ලද මෙම නිර්ණායක ඇතුළත් සම්පූර්ණ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත මීට මාස එක හමාරකට ඉහත දී ලිඛිත භාර දුන්නේය.


අනතුරුව එම නිර්ණායක ගැසට් මගින් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා  විසින් ඉල්ලිමක් කළේය. ඒ අනුව මෙම නිර්ණායක ඇතුළත් කෙටුම්පත සකස් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයා ගේ  අනුමැතියට එය යොමු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් නීතිපති සෞඛ්‍යය අමාත්‍යාංයට දන්වා ඇත්තේ තමන්ට   ඡන්දයටම පමණක් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ නොහැකි බවය. මේ ප්‍රමාදය නිසා මැතිවරණ කොමිෂන් සභාව, පොලිසිය, මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ද කොවිඩ් 19  දෙවැනි වටයකින්  මතුවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි ද    වාර්තා වේ.

Exit mobile version