සෞඛ්‍යය  උපදෙස්වලට කිපී ශිවාජිලංගම් පොලිසිය සමග ගැටෙයි…

දිනසේන රතුගමගේ –

 උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්  යුද සමයේදී මියගිය ළමයින් පිරිසක් සැමරීම සඳහා මුලතිව් ප්‍රදේශයට ගොස් එහි සිටි  පොලිස් නිලධාරීන් සමග ඊයේ ( 15 ) බහින් බස් වුනේය

ශිවාජිලිංගම් පවසා ඇත්තේ මුලතිව් සෙංචෝලේ  ළමා නිවාසයේ සිටි ළමයින්  පනස් හතර දෙනෙකු  යුද්ධය හේතුවෙන් මියගොස් වසර  14 ක් පිරීම නිමිත්තෙන් ඔවුන්ව සිහිපත් කොට පහන් දැල්වීම සඳහා තමන් පැමිණි බවයි.

මේ අවස්ථාවේදී පොලීසිය පවසා ඇත්තේ යුධයෙන් මියගිය පිරිස සැමරීමට අයිතියක් ඇති නමුත් එය මේ දිනවල සිදු කළ යුත්තේ සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේදී ඔහු පොලීසිය සමග විශාල මත ගැටුමක් ඇතිකරගෙන පසුව පහන් දල්වා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

 

Exit mobile version