සෞඛ්‍ය සේවය පණ අදිද්දී ලොක්කෝ ජපන් සවාරියකට සූට් මසති!

Health Facilities

අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ වීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් මත රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පෙර නොවූ විරූ අර්බුදයකට ඇද වැටී ඇති බරපතල අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් ජපානයේ සතියක පමණ සංචාරයකට සැරෙසන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වන ද සන්ඩේ ටයිම්ස් පුවත් පත සඳහන් කරයි.

ලෝක බැංකුව විසින් මෙම වැඩ සටහන සඳහා අනුග්‍රහය ලබා දුන්නද රෝගීන්ගේ ජීවිත අවදානම් මට්ටමකට වැටී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණාත්මක වූ ඉහළ පෙළේ නිලධාරීන් මෙලෙස විදේශ ගත වීම අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට හේතු විය හැකි බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන් මෙලෙස සහභාගී වීමට සැරසෙන්නේ ලෝක බැංකුව විසින් සංවිධානය කරනු ලබන දැනුම් හුවමාරු කිරීමේ වැඩසටහනකට බව සඳහන් වේ.

ඒ සඳහා අමාත්‍යංශයේ තීරණ ගත හැකි මටට්මේ ඉහළම  නිලධාරීන් සහභාගී වීමට නියමිත වන අතර එය පවතින අර්බුදකාරී තත්ත්වය මත සුදුසු නොවන බව රජයේ ජ්‍යේෂ්ඨයින්ගේ අදහස වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක් අතකින්  අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟය සේම අනෙක් අතින්  ආදායම් බදු අය කිරීමට එරෙහිව වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් වෘත්තීය ක්‍රියා මාර්ග ගනිමින් සිටින අවස්ථාවක ඔවුන් සියලු දෙනා රටින් බැහැරව සිටීම ප්‍රායෝගික ව අර්බුද තවදුරටත් දිග්ගැසීමට හේතු විය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

Exit mobile version