සෞඛ්‍ය වර්ජනය දින දහයකට කල් දමයි!

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට උදේ 8සිට දින 10කට තාවකාලිකව අත් හිටවූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

ඊයේ රාත්‍රියේදී සෞඛ්‍ය ලේකම්වරයා හදිසි සාකච්චාවක් කැඳවා දැක්වූ ප්‍රතිචාරය  මෙන්ම   , විදුලිය හා තෙල් අර්බුධය හේතුවෙන් මහ ජනතාව ලක් වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ග හෙට උදෑසන 8.00 සිට, දින දහයකට තාවකාලිකව අත් හිටු වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව අද උදෑසන රැස් වී    තිරණය කළ බව ඔහු පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවාවන් පෞද්ගලික අංශය වෙත යැවීමෙන් ලැබෙන කොමිස් මුදල සහ වෙනත්  වරදාන, සංකේත වර්ජන ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රතිචාර නොදැක්වීමට හේතුවක් වී ඇති බවත්  ඒ හේතුවෙන් ඇතැම් සෞඛ්‍ය බලධාරීන් වුවමනාවෙන්ම වර්ජන ඇති කිරීමට පොළඹවන තත්වයක් ද ඇති වී තිබෙන බවත් ඔහු කියයි.


 

 

Exit mobile version