සෝබිත හිමියෝ කරුණා අම්මාන් ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරති

හමුදා භටයින් පන්දහසක් මරා දැමූ බව කියා සාහසික මිනීමරු ප්‍රකාශයක් කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහ මැතිවරණයෙන් ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ලංකාසරට පැවසූහ.

උන්වහන්සේ එම ඉල්ලීම මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සිදුකර ඇත්තේ ඊයේ (29) ය.

මේ තැනැත්තා විසින් වර්ෂ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පාර්ලිමේන්තු පනතේ 81 වැනි වගන්තිය උල්ලංඝණය කර ඇති බවත්, මේ තැනැත්තා සම්බන්ධව රටේ වලංගු නිතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් සාක්ෂි විමසීම අනවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වා දෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරුණා අම්මාන් ආරක්ෂා කිරීමටත්, ඔහුගේ ඡන්ද ව්‍යාපාරය හරහා බලයට පත් වීමටත් සූදානම් වී ඇති අවස්ථාවාදී පටු දේශපාලනය මේ පුද්ගලයා කළ ප්‍රකාශයට සුදු හුණු ගෑම අතිශයින් කණගාටුවට කරුණක් බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරති.

Exit mobile version