සොයුරාගේ 14 හැවිරිදි දියණිය දූෂණය කර ගැබ් ගැන්වූ සල්ලාල බාප්පා  බරපතල වැඩ ඇතිව වසර 10ක්  හිරේ!

දිනසේන රතුගමගේ –

තම වැඩිමහල් සොහොයුරාගේ දියණිය බලහත්කාරයෙන් දූෂණය කොට ඇයව මවක් බවට පත් කළ බාප්පා කෙනෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්   විසින්  බරපතල වැඩ සහිතව වසර 10 ක හිරදඩුවමක් 16 දා නියම කොට තිබේ.

මීට අමතරව  දූෂණයට ලක් වූ දැරියට මුදලින් රුපියල් ලක්ෂ හතරක වන්දියක්ද රජයේ  ගාස්තු වශයෙන් රුපියල් 20000 මුදලක්ද ගෙවන ලෙස විනිසුරුවරයා නියම කළ අතර එම මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට නියම කළ සිර දඩුවම තවත් වසර 4 කින් දීර්ඝ වන බවද සදහන් කළේය.

2014 වසරේ මැයි මස 20 වෙනිදා මෙම දැරියව අදාල සැකකරු විසින් දැරියගේ නිවසේදීම දූෂණයට ලක් කොට ඇති අතර වන විට ඇගේ වයස අවුරුදු 14 කි.

දැරියගේ මව විදේශ ගත වී සිටින අතරවාරයේ  දැරියගේ බාප්පා විසින් ඇයව ඉන් පසුවද වාර කීපයක්ම දූෂණය කොට ඇති අතර හේතුවෙන් කුඩා දැරිය ගැබිණියක් බවට පත්ව ඇත.


කුඩා දැරිය විසින් පිරිමි දරුවකු බිහි කිරීමෙන් පසුව අධිකරණ නියෝග මත දැරියගේත් බාප්පාගේත් බිළිදාඅගේත් රුධිර සාම්පල ඩී.එන්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව බිළිදාගේ පියා දැරියගේ බාප්පා බවට තහවුරු වීමෙන් පසුව අදාල  හිර දඩුවම නියම කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දැරිය වවුනියාව කිලවන්කුලම් ප්රදේශයේ පදිංචි දැරියක් වන අතර මෙම සිද්ධියෙන් පසුව ඇයට පාසල් අධ්යාපනය පවා ලැබීමට නොහැකි වී තිබේ.

Exit mobile version