සොයිසා ගොඩනැගිල්ල කඩා දමන්නට උඩගෙඩි දෙන කණ්ඩායමේ පුරාවිද්‍ය නිලධාරීන් පිරිසක්!

soza-bulding

සොයිසා ගොඩනැගිල්ල 2014 ජූනි

ඉන්දියානු ටාටා සමාගමට පවරා ඇති සංවර්ධන ව්‍යාපෘති භූමියට අයත්  කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල  කඩා දැමීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම පසුපස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම   ඇතැම් නිලධාරීන්   සිටී දැයි    සැකයක් ඇති වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.‍ෙ

වසර ගණනක් තිස්සේ දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරීන් නිර්දේශ කළත්      මෙම  ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  ගැසට් කර  නොතිබුණු බවත්  අභ්‍යන්තරයෙන්ම එය මග හැරී ඇති බවත් වාර්තා වේ.

පසුව ගැසට් කිරීම සඳහා  අදාල ලේඛන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති නමුත්  ඇමතිවරයාගේ අත්සන ලැබී නැති නිසා  මේ වනවිටත් එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  ගැසට් වී නැති බවත් වාර්තා වේ.


මෙවැනි පසුබිමක  ගොඩනැගිල්ල ඉවත් කිරීමේ යෝජනා දිගින් දිගටම පැමිණෙද්දී තත්වය පිළිබඳ තීන්දුවක් ගැනීමට ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්,  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා සංරක්ෂක අධ්‍යක්ෂ, බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ  ඇතුළු කණ්ඩායමක් පසුගිය ජූනි 25 දා ස්ථානීය පරීක්ෂාවක් කර තිබේ.

දැනට ගරා වැටෙන්නට හැර තිබෙන මෙම ගොඩනැගිල්ල පිළිබඳ  සාධනීය නිර්දේශ ලබාගෙන වහාම ක්‍රියාත්මක වීම සඳහා ලංකාවේ ප්‍රධාන පුරාවාස්තු විද්‍යාඥයන් සහ ප්‍රමාණිකයන් සහිත කමිටුවක් නම්කර ඉදිරිපත් කරන ලෙස ලේකම්වරිය ඒ අවස්ථාවේදී කණ්ඩායමට දන්වා ඇත..

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා තුන් මසක කාලයක් ඉල්ලා ඇත. ලේකම්වරිය පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ එපමණ කල් දිය නොහැකි බවත් හැකි ඉක්මනින් මෙම කමිටුව නම්කර ඉදිරිපත් කරන ලෙසත්ය.

උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන ඒ කටයුත්ත සැලසුම් කිරීමේ   වගකීම පවරා ඇත්තේ බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂටය.

එහෙත් මේ තරම් ව්‍යසනයක් පිළිබඳව ප්‍රකාශ වී දින 45ක් ගතවී ඇති නමුත් එවැනි කමිටුවක් නම් කිරීමක්වත් සිදු වී නැති බව වාර්තා වේ.

ගැසට් කිරීම සඳහා අත්සන් නොකළත් මෙම ගොඩනැගිල්ල සහිත භූමියේ සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා  පසුගිය මාර්තුවේ අගමැතිවරයා ප්‍රධානත්වයෙන්  සියලුම පාර්ශවයන් කැඳවා පවත්වන ලද රැස්වීමේ දී අගමැතිවරයා පැහැදිලිව උපදෙස්  දී තිබුනේ මෙම ගොඩනැගිල්ල කඩා දැමීම නොව සංරක්ෂණය කළ යුතු බවය

එහෙත්  මීට දින කීපයකට පෙර ගොඩනැගිල්ලට සිදුවන්නට යන ව්‍යසනය ගැන  සංස්කෘතික ලේකම්වරයා  දැනුවත් කළ විට  සංවර්ධන කටයුතුවලට බාධා නොකර සිටින ලෙස ඉහළින් උපදෙස් ලැබුණු  බව ඔහු පුරාවිද්‍යා නිලධාරීන්ට දන්වා   ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම  ගොඩනැගිල්ල පුරාවස්තුවක් බව ඓතිහාසික සාධක සහිතව පෙන්වද්දී එය  ගැසට් නොකළ    පුරාවස්තු සම්බන්ධව  නිතීය සේ සැලකූ බවය.

Exit mobile version