සේයා දැරියගේ ඝාතකයාත් ආණ්ඩුවෙන් සමාවක් ඉල්ලයි!

death

වර්ෂ 2016.03.15 දින සේයා ඝාතකයාට මීගමුව අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම විය. සේයා රුව Daly News

කීර්ති ප්‍රනාන්දු – 

වැලිකඩ බන්ධනාගාරයේ වහළ මත නැග ආහාර ද වර්ජනය කරමින් තමන්ට මරණීය දණ්ඩනයෙන් මීදීමේ පොදු සමාව අවශ්‍ය බව කියා සිටින වරදකරුවන් අතර සේයා දැරිය දූෂණය කර මරා දැමීමේ වරදට මරණීය දණ්ඩනය හිමි වූ අපරාධකරු ද සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ෙබන‍්ධනාගාර බලධාරීන්ගෙන් ලංකාසර කළ විමසීමක දී කියා සිටියේ මරණ දඬුවම නියම වී සිටින පිරිස කියා සිටින්නේ තමන් මරණ දඬුවමින් මුදවා ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් කරන ලෙසට බවත්, රජය හෝ බන්ධනාගාර නිලධාරීන් එම තීරණය ගන්නා තුරු තමන් වර්ජනය අත් නොහරින බව සේයා ඝාතනයේ වැරදි කරු කියා සිටි බවත් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේ මෙරට දැඩි ප්‍රසිද්ධියක් ලත් අපරාධ කීපයකම වරදකරුවන් වී මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයන් කිහිප දෙනෙක් මෙම වර්ජනයට එක් වී ඇති බවය.


Exit mobile version