සේනා නිසා කිලිනොච්චියේ බඩ ඉරිඟු අක්කර 500ක් අතහරී

දිනසේන රතුගමගේ

සේනා දළඹුවාගේ විනාශය නිසා කිළිනොච්චියේ බඩ ඉරිගු අක්කර 500 කට වඩා වැඩි ප්‍රමාණයක් ගොවීන් විසින් අතහැර දමා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කිළිනොච්චිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පොන්නයියා අත්පුදචන්ද්‍රන් මහතා පැවසුවේ මෙතෙක් බඩ ඉරිගු වගාවට පමණක් විනාශය ගෙන දුන් සේනා දළඹුවා මේ වන විට වට්ටක්කා සහ වී වගාවන් වලටද හානි සිදු කරණ බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කිළිනොච්චියේ ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටින්නේ සේනා දළඹුවා විනාශ කිරීම සදහා කිසිදු කෘමි නාශකයකට හැකි වී නොමැති බවයි.

Exit mobile version