ඇවන්ගාඩ් සේනාධිපතිගේ උගුලට හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි හසුවෙලා!

Senadhipathi has admitted that controversial conversation was distorted

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය වැඩ තහනමට ලක් විමට තුඩු දුන් පසුගිය කලායේ මහත් ආන්දෝලනයට ලක් වූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර පැවති බව කියන දුරකථන සංවාදය සංස්කරණය කොට විකෘති කොට සකසන ලද එකක් බවට පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් තහවුරු කරනු ලැබ තිබේ.
2019 සැප්තැම්බර් මාසයේදී යූටියූබ් නාළිකාවකට එක් කර තිබූ එමෙන්ම මාධ්‍ය ඔස්සේ විකාශය වූ බව කියන මෙම සංවාදය හේතුවෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යවන ලදි. කෙසේ වුවද මේ පිළිබඳව විනිශ්චය කළ පරිපාලන අභියාචනා විනිශ්චය සභාව රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර ඇත්තේ වැඩ තහනම අහෝසි කරන ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් තනතුරේ වික්‍රමසිංහ මහත්මියගේ ස්ථාපිත කළ යුතු බවත්ය. එසේ වුවද වික්‍රමසිංහ මහත්මිය නිසි වයස් සම්පූර්ණ වීම අනුව පසුගිය සිකුරාදා (ජූලි 30) විශ්‍රාම ගන්වා ඇත්තේ යළි සේවයේ ස්ථාපිත කිරීමකින් තොරව බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

පරිපාලන විනිශ්ය සභාව මෙම තීරණයට එලඹියේ මෙම ආන්දෝලනාත්මක දුරකථන සංවාදය අත්දැකීම් සහ දැනමැති විශේෂඥ වාර්තා සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ වාර්තාවක් ඇතුළුව විශේෂඥ වාර්තා තුනක් සනාථ කළේ මෙම පටිගත කිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර, එය ඉගැන්වීම සහ මූලික වශයෙන් විකෘති කර ඇති බවයි.
මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක වික්‍රමසිංහ මහත්මියට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා සිටියේ මෙම පටිගත කිරීම ස්ථාන 10 කදී සංස්කරණයට ලක් කර ඇති බවය.

එම තීන්දුවේ සඳහන් කර ඇත්තේ, පටිගත කරන ලද පටිගත කිරීම තමා විසින් සංස්කරණය කිරීමට ලක් කළ බව මූලික විමර්ශනයේදී ම සේනාධිපති මහතාම ප්‍රකාශයක් මඟින් පිළිගත් බවයි.එමෙන්ම මෙම සංවාදයේ සංස්කරණය නොකළ පිටපතක් විමර්ශණ සඳහා ලබා දීමට තටයුතු කරන ලෙස ඉල්ලා සිටියද ඔහු ඒ අනුව ක්‍රියා කොට නැත.


මෙම විමර්ශණයේදී තතහවුරු වී ඇති ආකාරයට හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක යෙදී සිටියදී අමාත්‍ය අබේවර්ධනගේ දුරකථනයට නිශ්ශංක සේනාධිපති මහතා කතා කොට ඇති අතර වික්‍රමසිංහ මහත්මියට කතා කිරීමට ඔහුට අවශය ව පවසමින් අමාතයවරයා සිය දුරකථනය වික්‍රමසිංහ මහත්මියට ලබා දී ඇත. එහිදී සේනාධිපති මහතා දිල්රුක්සි වික්‍රමසඅිංහ මහත්මිය උගුලකට සිර කිරීමටහිතා මතා සැලසුම් කළ බවත් පෙනී යන බවත් නීතිමය ප්‍රසම්පාදන කටයුත්තක් පිළිබඳව වූ මෙම සංවාදය පටිගත කොට විකෘති කොට පසුව එය සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කර ඇති බවත් තහවුරු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මූලික විමර්ශනයේදී විශේෂඥයින් විසින් වජිර අබේවර්ධනගේ ප්‍රකාශය සටහන් කර නොතිබීම හෝ ඔහුගේ දුරකථනය පරීක්‍ෂා කර නොතිබීම තවත් සැලකිය යුතු කරුණක් බව විනිශ්චය සභාව සඳහන් කොට ඇත.
පරිපාලන අභියාචනා විනිශ්චය සභාව නිගමනය කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම දිල්රුක්ෂි ඩයස වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම ක්‍රියාත්මක කර ඇත්තේ සමාජ මාධ්‍ය සහ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ විකෘති වූ හඬ පටය පිළිබඳව මුළුමනින්ම විශ්වාසය තැබීමෙන් සහ හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ ප්‍රකාශය මත පමණක් බවයි.
පරිපාලන අභඊියාචනා පිළිබඳ විනිශ්චය සභාව රාජ්‍ය සේවා කොමිෂන සභාව විසන් දෙන ලද නියෝගය අවලංගු කර වික්‍රමසිංහ මහත්මියව නැවත සේවයේ පිහිටුවන ලෙසත්, 2021 ජූලි 30 වන දින ඇයගේ විශ්‍රාම ගැන්වීමේ වයසට පැමිණීමෙන් පසු විශ්‍රාම ගැනීමට ඉඩ සලසන ලෙසත් නියෝග කළ නමුත් එය සිදු වී නොමැත

Exit mobile version