සෙබලුන් 5000 ක් මැරුවා තමයි… පොහොට්ටුවේ උප සභාපති කරුණා කියයි

ඔහුම පිළිගන්නවා නම් අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරන්න... දකුණේ දේශපාලකයෝ කියති...

දිනසේන රතුගමගේ –

අලිමංකඩදී යුද හමුදා සෙබලුන් තුන් දහසක් පමණත් කිළිනොච්චියේදී දෙදහසක් පමණත් තමන් විසින් මරා දමන ලද්දේ  තමන්ගේ භයානක කම නිසාම යැයි හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපසභාපති විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ ( 19 ) අම්පාරේදී පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට තරග වදින කරුණා අම්මාන් සිය පාක්ෂිකයින් පිරිසක් අමතමින් මේ බව ප්‍රකාශ කරණ ලද්දේ කාරතීව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

කාරතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති කියා තිබෙනවා කරුණා කොරෝනා වලටත් වඩා දරුණු මිනිහෙක් කියල…… මම කියනවා ඔව් මම හුඟාක් දරුණු මිනිහෙක් තමයි….. එහෙම දරුණු නිසා තමයි මට එක රාත්‍රියකින් අලිමoකඩ යුද හමුදාවෙ දෙතුන් දාහක් මරා දමන්න පුළුවන් වුනේ ….. කිලිනොච්චියෙත් ඊටත් වඩා ගනනක් එක රාත්‍රියකින් මරා දැමුවා …. ඔව් මම ඉතාමත් දරුනු මිනිහෙක්”


දෙමළ භාෂාවෙන් කරුණා අම්මාන් සිදු කරණ ලද මේ කතාවත් සමගම උතුරේ දෙමළ දේශපාලනඥයෝ බොහෝ සෙයින් කලබලයට පත්ව සිටිති.

මෙවර මහමැතිවරණය සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සහය ලබා ගැනීම සඳහා විවිධ සාකච්ඡා පවත්වමින් සිටින අතරවාරයේදී පුනරුත්ථාපනය නොවූ කරුණා අම්මාන් එවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔහු තවමත් යුද මානසිකත්වයකින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුම ප්‍රකාශ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණේ බොහෝ සංවිධාන කියා සිටින්නේ මේ රටේ යුද හමුදා සෙබලුන් පන්දහසකට වඩා මරා දැමීමේ වගකීම ඔහු විසින් බාර ගන්නේ නම් කරුණාඅම්මාන් වහාම අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

Exit mobile version