සෙන්දීල්, ලක්ෂ්මන් යාපා, චාල්ස් නව ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙති!

මීට ස්වල්ප වෙලාවකට පෙර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පී.එම්.එස්. චාල්ස්  සහ  නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන් මීට ස්වල්ප වෙලාවකට පෙර පත් කරනු ලැබුවේය.

කලින් වයඹ ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩත්, උතුරු පළාත් ආණඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගාරාජාත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් ද කටයුතු කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම ආණ්ඩුකාරවරුන්ට ඉවත්වන ලෙස දන්වා සිටිය ද ඉවත් නොවූ බැවින් ජනාධිපතිවරයා මැදිහත්වී ඔවුන්ව ඉවත්කර තිබිණි.

Exit mobile version