සූවස් ඇළේ අවුලෙන් මුහුදු කොල්ල කල්ලිවල කල්ල මරේ?

සූවස් ඇළේ අවහිර කරමින් සිරවූ එවර්ගිවන් නෞකාව තවමත් යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වු නිසා සෙසු බහාලුම් නෞකාවන්ට විකල්ප මාර්ගයක් ලෙස අප්‍රිකාව වටා ගමන් කරමින් ඉතා දීර්ඝ, මිල අධික හා මුහුදු කොල්ලකරුවන්ගේ පාලන කලාපයක් හරහා ගමන් ගැනීමේ අවදානම් සහගත තීරණයක් ගැනීමට සිදුව තිබේ.

රතු මුහුදේ සිට නැගෙනහිර මධ්‍යධරණි මුහුද දක්වා වූ විකල්ප මුහුදු මාර්ගය සැතපුම් 15,000 ක ගමනකි. මුහුදු කොල්ලකෑම් සඳහා ලෝකයේ භයානකම මුහුදු කලාපය හරහා එම මාර්ගය වැටී ඇත.

මුහුදු කොල්ලකෑමේ සිදුවීම් වැඩිම කලාප අතුරින් ලෝකයේ ඉහළම ස්ථානයේ සිටින සෝමාලියාව පසුකර බටහිර අප්‍රිකාව සහ ගිනියා බොක්ක පසුකර අප්‍රිකානු අඟ (රයිනෝසිරස්ගේ අඟක් වැනි හැඩයකට පිහිටා තිබීම නිසා මෙලෙස හඳුන්වනු ලබයි) තරණය කිරීමට නැව්වලට සිදුවනු ඇත.


ජාත්‍යන්තර සමුද්‍ර කාර්යාංශයට පසුගිය වසරේදී පමණක් සමුද්‍රීය පැහැරගැනීම් 135 ක් වාර්තා වී ඇති අතර 130 ක් ගිනියා බොක්කෙහි සිදුවිය.

බහරේන්හි පිහිටි එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණියේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව්වලට ඇති අවදානම පිළිබඳව පසුගිය දින කිහිපය තුළ බොහෝ නැව් සමාගම් සම්බන්ධ කර සාකච්ඡා කළ බවයි.

“එහි ලොකු අවදානමක් ඇත. බහලුම් නැව් අප්‍රිකාව වටා යාමට පෙර දෙවරක් සිතීමට එය හේතුවක් විය හැකිය,” දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සොල් ප්‍රයිස් පාසලේ මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයකු වන ජෙනීව් ජියුලියානෝ පැවසීය.

අඟහරුවාදා සිට සූවස් ඇළේ දැවැන්ත එවර් ගිවන් බහාලුම් නෞකාව සිරවී ඇති අතර එහි ජපන් හිමිකරුවන් සෙනසුරාදා වන විට නැව නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ නමුත් සමහර විශේෂඥයන් පවසන්නේ නැව නිදහස් කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සූවස් ඇළ අවහිර වීම නිසා සැපයුම් ඇණහිටි බැවින් එම භාණ්ඩ ලැබෙන දිනය තෙක් ලෝකය බලා සිටිද්දී, මෙම අවහිර වීම වටිනාකම ගණනය කළහොත් එය පැයකට ඩොලර් මිලියන 400 ක් බව ලන්ඩන් නුවර නැව් පුවත් සඟරාවක් වන ලොයිඩ්ස් ලිස්ට් ගණන් බලා තිබේ.

Exit mobile version