සූඩානයේ ඇති කරන්නට යන සටන් විරාමයට ඉන්දියාවේ පූර්ණ සහය

S Jaishankar

සූඩානයේ සිදුකෙරෙන වර්තමාන සංවර්ධනය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගටර්ස් හා සිදු කළ සාකච්ඡාවකදී විශේෂ අවධානයක් යොමු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි.

සූඩානය තුළ සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කරමින් සිටින අතර එය මේ මොහොතේ කළ යුතුම කාර්යයක් බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“අපි ජී 20 සමුළුව සම්බන්ධයෙනුත්, යුක්රේන යුද්ධය සම්බන්ධයෙනුත් කතා කළා.. ඒත් අපේ විශේෂම අවධානය යොමු වුණේ සූඩානය වෙතට.. එක්සත් ජාතීන්ගේ සංවිධානය සටන් විරාමයක් ඇති කරන්න උත්සාහ කරනවා.. සූඩානය තුළ සටන් විරාමයක්, සතුරන් සම්බන්ධ කරන කොරිඩෝවක් ඇති නොවුණොත් එරට මිනිස්සුන්ට ආරක්ෂාකාරීව ඉන්න බැරි වෙයි.. මේ වෙද්දී එක්සත් ජාතින්ගේ සංවිධානය ඊට අදාළ කටයුතු කරගෙන යන බව මහ ලේකම්වරයා කිව්වා.. මේ ගැන ඔවුන් හැම රටක් එක්කම සාකච්ඡා කරනවා.. අපි මේ කටයුත්තට සම්පූර්ණයෙන්ම කැමැතියි මොකද ඉන්දියානුවන් ගොඩක් සූඩානය තුළ සිටින නිසා..” එස්. ජයිශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


දිල්ලියේ සිටින කණ්ඩායමක් සූඩානයේ සිටින ඉන්දියානුවන් සමඟ අඛණ්ඩ සබඳතාවයක් පවත්වාගෙන යන අතර ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන බව ද ඒඑන්අයි වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලතින් ඇමරිකා රටවලට නිල සංචාරයකට යන අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා, ඇමරිකාවේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුව තිබිණි.

Exit mobile version