සුළු හෙම්බිරිස්සාවකට වඩා බරපතලයි… දින 05කින් කොවිඩ් මරණ 1000යි…

කොවිඩ් මරණ 7000 සිට  8000 දක්වා  මරණ 1000 වාර්තා වීමට ගත වී ඇත්තේ දින 05ක් පමණක් බව රජයේ සංඛ්‍යාලේඛණ දත්ත හෙළි දරවු කරයි.

පෙළ ගැසෙන සංඛ්‍යාලේඛණ අප වසංගතය තුළ ගතකරමින් සිටිනා බිහිසුණු කම පෙන්වා දෙමින් තිබේ.මෙරට පළමු කොවිඩ් මරණ දහස  වාර්තා වන්නේ අවුරුද්දකුත්  දින 52ක් ගතවීමෙන් පසුය. එනම් දින 417ක් ගතවී ගිය කාලයක් තුළය.

දෙවන මරණ දහස දින 23ක් තුළ වාර්තා විනි. තුන්වන මරණ දහස වාර්තාවන්නේ දින 19ක් තුළය. තවත් දින 23කින් හතරවන මරණ දහස වාර්තා වූයේය. පස්වන මරණ දහස ඇසෙන්නේ සති දෙකක් තුළය. යහවන මරණ දහසට ගතවූයේ දින 08කි. හත්වන කොවිඩ් මරණ දහස සතියකින් වාර්තා විය.


අටවන කොවිඩ් මරණ 1000ට සතියක් වත් ගත වී නැත. එය වාර්තා වන්නේ දින 05කිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාව තුළ නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ ගණන 8157කි.

Exit mobile version