සුව වූ අපේ කොරෝනා රෝගීන්ගේ ලේවලට බ්‍රිතාන්‍යයෙන් හදිසි ඉල්ලුමක්

කෝවිඩ් -19 වැළඳී සුවය ලැබූ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු උරුමයන්ගෙන් යුත් පුද්ගලයින්ගෙන් එක්සත් රාජධානියේ රාජ්‍ය අරමුදල් සහිත ජාතික සෞඛ්‍ය සේවය (එන්එච්එස්) හදිසි ඉල්ලීමක් කර තිබේ.

ඒ මාරාන්තික කොවිඩ් වෛරසය ආසාදනය වූ අනෙක් අයගේ ජීවිත බේරා ගැනීම සඳහා සුවවූවන්ගේ ප්ලාස්මා පරිත්‍යාග කරන ලෙසයි.

එරට විශේෂඥයන්ට අනුව, දකුණු ආසියානු පසුබිමක සිටින පුද්ගලයින් සුදු ජාතිකයින්ට සාපේක්ෂව ජීවිතාරක්ෂක ප්‍රතිකාර අත්හදා බැලීම් වෙනුවෙන් පරිත්‍යාග සඳහා ප්‍රමාණවත් තරම් වන ප්‍රතිදේහ දෙගුණයකින් පමණ සමන්විත වේ.


කොරෝනා වයිරසයෙන් පෙළෙන ජනතාවගේ ජීවිත බේරා ගතහැකි මෙම ප්‍රතිදේහ බහුල ප්ලාස්මා, වසර අවසානයේදී රට තුළ ඇතිවිය හැකි වසංගතයේ දෙවන රැල්ලට පෙර හදිසියේම අවශ්‍ය බව එරට ජාතික සෞඛ්‍ය සේවය පැවසීය.

“අපට ආසියානු ප්‍රජාවෙන් අපූරු ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

සංඛ්‍යාලේඛන අනුව ආසියානු පසුබිමකින් ප්‍රථම වරට ප්ලාස්මා පරිත්‍යාග කළ අයගෙන් 44.1% ක් (749 න් 330 ක්) ප්‍රමාණවත් තරම් ප්‍රතිදේහ ඇති බවත් එය සුදු පරිත්‍යාගශිලීන්ගේ 22.4% (9,509 න් 2,126) පමණ වේ.

“සමහර අයට පරිත්යාග කිරීම ගැන බියක් දැනෙන්නට පුළුවන්. විශේෂයෙන් ඔවුන්ට කොරොන වයිරස් සමඟ දුෂ්කර කාලයක් ගත කර ඇත්නම්. අපගේ පරිත්‍යාග කණ්ඩායම ඔබව රැකබලා ගනු ඇති අතර සාමාන්‍යයෙන් පරිත්‍යාගයක් කිරීමෙන් පසු මිනිසුන්ට අපූරු හැඟීමක් දැනෙනවා. ඔවුන් ප්‍රජාවට උදව් කිරීම සඳහා යමක් කරන බව දැනීම ඊට හේතුවයි” යැයි NHSBT හි සායනික සහාය කණ්ඩායමේ වෛද්‍ය සුහයිල් අස්ගාර් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් රාජධානියේ සියලුම ප්‍රධාන නගරවල ප්ලාස්මා ආධාර මධ්‍යස්ථාන පිහිටුවා ඇත. විශේෂයෙන් දකුණු ආසියානු ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින ලන්ඩන්, බර්මින්හැම්, ලීස්ටර් සහ මැන්චෙස්ටර්හි මධ්‍යස්ථාන බහුලව පිහිටුවා තිබේ.

Exit mobile version