‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම ක්‍රියාත්මක කෙරෙන චක්‍රලේඛය නිකුත් වෙයි

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ.

කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි.

“සුවෙන් සිටිමු” (Stay Safe) QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.


Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය.

ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පිළිවන.

ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය ක්‍රියාත්මක වන ආකාරය පහත චක්‍රලේඛය මගින් දක්වා ඇත.

Exit mobile version