සුවස් ඇලේ ප්‍රශ්නය නිසා අපට තෙල් හිඟයක් නෑ… ඇමති ගම්මන්පිල කියයි…

සුවස් ඇලේ බහාලුම් නෞකාව අවහිර වීම නිසා කිසිම ඉන්ධන හිඟයක් වෙළෙඳපලේ ඇති නොවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

මේ වනවිට ලංකාව තුළ සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොගයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, ශ්‍රී ලංකාව වෙත  මීළඟ ඉන්ධන තොගය පැමිණෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරම්භ වන නෞකාවකින් එබැවින් සූවස් ඇළ හරහා නැව් ගෙනයාමට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය.


කෙසේ වෙතත්  මේ හේතුව නිසා ලෝක වෙළෙඳපලේ  බොරතෙල් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම නෞකාව කඩිනමින් මුදාගත නොහැකි වුවහොත් ලෝක වෙළෙඳපලේ තෙල් මිලට එය ඍජුව බලපාන බව පෙනී ගොස් ඇති බවත්  මේ වන විට ලැබී ඇති නවතම වාර්තාවල   සූවස් ඇලේ සිරවී ඇති නෞකාව ඉන් මුදා ගැනීම සඳහා තවත් සති කිහිපයක් ගත වීමට ඉඩ ඇති බවත්ය.

අඩි 1,312ක් දිග අඩි 194ක් පලල මෙම දැවැන්ත නෞකාව සිරවීමත් සමග ඒ වන විට සූවස් ඇලේ යත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකා 160ක්   සූවස් ඇල, මධ්‍ය දරණි මුහුද සහ රතු මුහුදේ  නැංගුරාම් ලා ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස නැංගුරම් ලා ඇති නෞකාවලින් බහුතරය ඉන්දන ප්‍රවාහන නෞකාය.

Exit mobile version