සුලු පක්ෂ සජිත් හැර යෑමේ සූදානමක…

රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, හා රිෂාඩ් බදියුදීන් සමගි ජනබලවේගය හැර දමා ආණ්ඩුවට එක්වීමේ සාකච්ඡා පවත්මින් ඇති ආකාරය  වාර්තා වේ.

දැනට මූලික සාකච්ඡාවට කීපයක් ආණ්ඩුවේ ප්‍රභලයෙක් සමග පවත්වා ඇති බවත්, මෙම එක්වීම සඳහා විශාල කොන්දේසි නොව, කැබිනට් ඇමතිකම් හතරක් හා රාජ්‍ය ඇමතිකම් හතරක් ඉල්ලා ඇති බවත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් පවතින ව්‍යවස්ථාව අනුව   කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව වැඩි කළ නොහැකි   නිසා සුලු පක්ෂ ඉල්ලන කැබිනට ඇමති ධුර හතර  සම්බන්ධව මූලික එකඟතාවයකට  එළඹී නැති බව පැවසේ. කෙසේ වෙතත් සමගි ජනබලවේගය අත්හැර සිය මන්ත්‍රීවරුන් සමග රජයට එක්වීමේ වැඩි අවශ්‍යතාවක් රවුෆ් හකීම් සාකච්ඡාවලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.


Exit mobile version