සුදර්ශනී පුතාගේ හෝටලේ මංගල්‍යය අවලංගු කරයි

කෝවිඩ් පාලන ප්‍රජා සෞඛ්‍ය හා වසංගත පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ එකම පුත්‍රයා වන භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අද (12) දිනයේ කොළඹ සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සවය අවලංගු කොට තිබේ.

ඒ අනුව එම විවාහ මංගල්‍යයේ චාරිත්‍ර කතෝලික දේවස්ථානයක සීමිත පිරිසකගේ සහභාගිත්වය සිදු කිරීමට අමාත්‍යවරිය පියවර ගෙන ඇත.

මීට දින කිහිපයකට පෙර ඇය මේ තීරණයට එළඹී තිබුණේ අලුතෙන් විවාහ මංගල්‍යය මංගල්‍යය උත්සවයන් සඳහා නිරෝධායන නීති දැඩි කිරීමට රජය පියවර ගැනීමටත් පෙර සිටය.


උත්සව ශාලාවේ ධාරිතාව ආසන 500ට වැඩි නම් මංගල උත්සවයකට සහභාගි වීම සඳහා අමුත්තන් 150කට මීට පෙර අවසර ලබාදී තිබුණි. පසුව එය 50 දක්වා සීමා කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් අමාත්‍යවරිය මෙම තීරණය ගෙන තිබුණේ එම සීමාවක් පැනවීමට පෙර වන අතර පවුලේ අයගේ සහභාගිත්වයෙන් ආගමික දේවමෙහෙයක් පමණක් පවත්වා දේවස්ථානයේ චාරිත්‍ර සිදුකිරීමට ඇය පියවර ගෙන ඇත.

Exit mobile version