සී.අයි.ඩි. පැමිණි  ජොනී අත්අඩංගුවට ගන්නැයි කියන්න අරගල කරුවෝ සී.අයි.ඩී ඉදිරියට එති…

තම කතාව සංස්කරණය කර මාධ්‍යයේ පල කළ බව ජොන්ස්ටන් සී.අයි.ඩී.යට කියයි... එඩිට් කළ අයට දඬුවම් දෙන්නැයි ඉල්ලයි!

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දී රට ගිනි තැබූ  මැයි 09 අපරාධය සැලසුම් කළ බවට  චෝදනා ලද හිටපු අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී පසු  අරගලයේ නිරත තරුණ පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ  විරෝධතාවයක නිරත වූහ.

මැයි 09 ප්‍රහාරයේ මහා මොළකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්,  විරෝධතා පුවරු රැගෙන මේ පිරිස් විරෝධතාවයේ නිරත වූහ.

“ගනිව් ගන්ව් වහා ගනිව් –  අත්අඩංගුවට වහා ගනිව්..“
ජොන්සටන් මිනී මරුවා… අපේ උන්ට වෙඩි තිබ්බා…“ විරෝධතා කරුවෝ සිය විරෝධය  දැක්වූහ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රවේශය මාර්ග බාධක යොදා වසා දැමීමට  පොලිසිය කටයුතු කළේය. එම මාර්ග බාධක පෙරළාගෙන උද්ඝෝෂකයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට  පැමිණියහ. මේ එම අවස්ථාවය.


මේ අතර පුරා පැය පහක් තිස්සේ ප්‍රකාශයක් ලබා දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු විරෝධතා කරුවන් ඉදිරිපස රැඳී සිටිය දී  වෙනත් ගේට්ටුවකින් පිටවී ගොස් තිබිණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය කටඋත්තරයේ  ප්‍රකාශ කර තිබුනේ තමන් කිසිම අවස්ථාවක   කිසිවෙක්  ප්‍රකෝප නොකළ බවය. ඔහුගේ කතාව සංස්කරණය කර විකෘති කර  පල කර ඇති බවය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් ඉල්ලා සිටියේ එම කතාව විකෘති කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

එහෙත් එදා ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ  එම කතාව ඒ මොහොතේ සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ  විසුරුවා හැරුණි.   මෙය මහා විනාශයක් සඳහා කෙරෙන පූර්ව සූදානමක් බවට එය අසා සිටි විදග්ධ පිරිස් අතර මත පලවුනේ මේ කතාව විකාශය වන අතර තුරය. එනම් මේ   ව්‍යසනය වෙන්නට පෙරය.

එම අවස්ථාවේ ඒ  සිද්ධිය සජීවීව අප විසින් වාර්තා කර තිබුණේ මෙසේය. මේ දර්ශන සංස්කරණය කර නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..

Exit mobile version