සීෂෙල්ස් මුහුදු සීමාවේ දී අත් අඩංගුවට ගත් ධීවරයින් බේරාගන්න ධීවර සංගම් එක් වෙයි…

Fishing-Boat

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිෂෙල්ස් මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ චෝදනාව මත සිෂෙල්ස් බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා නිදහස් කර ගැනීමට ධීවර අමාත්‍යංශය හා රජය වහාම මැදිහත්වන ලෙස ධීවර සංගම් කීපයක්ම 26 දා ලිපි යවා තිබේ.

ජනාධිපතිවරයාට හා ධීවර අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිපි යවන ධීවර සංගම් නියෝජිතයන් ප්‍රකාශ කොට ඇත්තේ මේ අත් අඩංගුවට පත් 12 දෙනාම ධීවරයින් මිස මිනිස් ජාවාරමේ නිරතව සිටින පුද්ගලයින් නොවන බවයි.

සිෂෙල්ස් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් සපයන ලද තොරතුරකට අනුව එම රාජ්‍යයේ මුහුදු සීමාවට ධීවර බෝට්ටු දෙකකින් ඇතුලු වෙමින් සිටි ධීවරයින් 12 දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

මුලින්ම ඔවුන්ට මුහුදු සීමා ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර පසුව මේ පිරිස මිනිස් ජාවාරමේ නිරත කණ්ඩායමක් බවටද චෝදනා එල්ල වී තිබීම නිසා තත්ත්වය බැරෑරුම් වී ඇති බව ප්‍රකාශ කොට ඇති ධීවර සංගම් ඇත්ත වශයෙන්ම මේ 12 දෙනා ධීවරයින් පිරිසක් බැවින් ඊට මැදිහත්ව ඔවුන්ව නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

Exit mobile version