සීඅයිඩීය පූර්ණ ප්‍රතිසංවිධානයකට … අලුත් කොට්ඨාස කීපයක් අරම්භ කිරීමට සැලසුම්….

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට පොලිසිය සූදානම් වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය පොලිස්පතිවරයා යටතේ මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදුවන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අලුතින් කොට්ටාස කිහිපයක් ආරම්භ කිරීම පිළිබඳවද මේ වනවිට සලකා බැලෙමින් පවතී. මෙම කොට්ඨාසවලට නව ප්‍රධානීන් පත් කිරීමට සහ නව නිලධාරීන් බඳවා ගැනීමට ද බලාපොරොත්තු වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට තවත් නිලධාරීන් 1500ක් දෙනා බඳවා ගැනීමට සහ ඔවුන්ට මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණු ලබා දිම කෙරහිද අවධානය යොමු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම ප්‍රතිසංවිධාන සිදු කෙරෙන අතර මේ  වනවිත් ඉඩම් ඇතුළු දේපළ අයථා අන්දමින් අත්පත් කර ගැනීම පිළිබඳව විමර්ශෂනය කිරීම සඳහා වෙනම විමර්ශන කොට්ඨාසයක් ආරම්භ කර ඇත. එහි ප්‍රධානියා ලෙස කලක් කොළඹ අපරාධ කොට්ඨාසයේද කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් සොයිසා  පත් කොට ඇත.

Exit mobile version