සීඅයිඩියේ රඳවා සිටි පාතාලයාට දුරකථනයක් සමග කැපෙන ආයුධයක් ගේන්න සී.අඩි.ඩියේම පොලිස් නිලධාරියෙක් ලක්ෂ 5ක් අරන්!

අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටින පාතාල සාමාජිකයෙකුට අඩියක් පමණ දිග තියුණු ආයුධයක් සහ ඇමතුම් ගැනීමට ජංගම දුරකථනයක් ලබාදී රුපියල් ලක්ෂ 05 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම රදවාගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක්ව ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් සුගතපාල නිශාන්ත නැමැති එම කොස්තාපල්වරයාව ලබන 11 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මධුෂංක නැමැති එම පාතාල සාමාජිකයාගෙන් අල්ලස් ලෙස ලද මුදලින් ඔහු සිය බිරිදට රන් භාණ්ඩද මිලට ගෙන ලබාදී ඇති බවත් එම රන් භාණ්ඩද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාතාල අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරි හදිසි සෝදිසියකට ලක්කරන අවස්ථාවේදී මධුෂංක නැමැති පාතාල අපරාධකරුගේ සිර මැදිරියේ සගවා තිබී මුවහත් ආයුධය හමුවීමත් සමග ඒ ගැන කෙරුණු දීර්ඝ විමර්ශණයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයා ගැන තොරතුරු අනාවරණය විය.

පාතාලයේ ප්‍රබල කල්ලි නායකයෙක් වූ මාකදුරේ මධුෂ්වද වසර එකහාමරකට ආසන්න කාලයක් රදවා සිටියේ අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටිමින් ඔහු ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමතුම් ලබාගනිමින් සිය පාතාල අපරාධ සහ මත්ක්ඩු ජාවාරම මෙහෙයවන බව නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදී පවා එකල හෙළිකර තිබුණි.

Exit mobile version