සිසුන් 72ක් අමු නිරුවත් කළ වළිකාමම් ගුරුවරු මානව හිමිකම් කොමිසම ඉදිරියට…

රහස් තැන්වල පච්ච කොටල ද බැලුවලු....

දිනසේන රතුගමගේ –

යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසලක පිරිමි සිසුන් 72 කගේ සියළු ඇදුම් ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට ගුරුවරු පිරිසක් කටයුතු කොට ඇති බවටත් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන්ට තාඩන පීඩන එල්ල කළ බවටත් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට තිබේ.

මෙම පාසලේ  11 වෙනි ශ්‍රේණියේ සිසුන් කීපදෙනෙකු සිරුරේ පච්ච කොටා ඇති බවට ගුරුවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ ක්‍රියාව සිදු කොට ඇතත් ඔවුන්ගේ සිරුරුවල තිබී කිසිදු පච්ච සලකුණක් හමු වී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය පලකොට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල දෙමව්පියන් මේ සම්බන්ධයෙන් යාපනය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතද පැමිණිලි කොට තිබේ.


Exit mobile version