සිවු හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදුන් මවක් අධිකරණයට.

දැරිය මාතර මහ රෝහලට ඇතුළත් කරලා...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර සම්පත්

සිවු හැවිරිදි දැරියකට අමානුෂික ලෙස  පහරදීම සම්බන්ධයෙන්  කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව තුඩැල්ල ප්‍රදේශයේ කාන්තාවක් කොටවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සිව් හැවිරිදි දැරියකට නිතර නිතර අමානුෂික ලෙස  පහරදීම සම්බන්ධයෙන් එම දැරියගේ ඥාතීන් විසින් කොටවිල පොලීසියට කළ පැමිණිල්ලකට  අනුව ළමාරක්ෂක අධිකාරිය මගින් විමර්ශන කටයුතු සිදු කර මෙම දැරියගේ මවට දැඩි අවවාද කර තිබියදී එය නොසලකා නැවත වරක් අමානුෂික ලෙස පහර දී වධ හිංසා පැමිණීම හේතුවෙන් ඇය  අඩංගුවට ගෙන තිබේ.
පසුව මෙම කාන්තාව කොටවිල පොලීසිය මගින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතාරණ ආරච්චි  රුපියල් ලක්ෂයක ශරීර ඇප තබන ලෙස නියෝග කර ශරීර ඇප තැබීමෙන් පසු මෙම කාන්තාව ඇප මත නිදහස් කළාය
මෙම නඩුව සඳහා ලබන වසරේ මාර්තු 18 වන දින නැවත අධිකාරියේ පෙනී සිටින ලෙස අධිකරණය මෙම කාන්තාවට නියෝග කළේය. .  අමානුෂික ලෙස පහර කෑ මෙම දැරිය මාතර මහරෝහලේ 8 වන වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබයි.
මාතර කොට්ඨාස භාර ජේෂ්ඨ  පොලිස් අධිකාරි චන්දන හේරත්ගේ උපදෙස් මත කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ආර්.සී. හෙට්ටිආරච්චි වෙනුවෙන් වැඩබලන පොලිස් ස්ථානාධිපති වරාවිට  කාන්තා පොලිස් සැරයන් 475 ඔෂදි යන නිලධාරීහු පෙනී සිටියහ

Exit mobile version