සිවිල් ආරක්ෂකයන් දෙදෙනෙකුගේ යතුරුපැදී මුහුණට මුහුණ ගැටී දෙදෙනාම මරුට

සුසන්ත අමරබන්දු –

අම්පාර දමන පොලිස්බල කොට්ටාසයේ පන්නල්ගම කුරුඳුවත්ත හන්දියේ දී    යතුරුපැදි දෙකක් එකට ගැටීමෙන් යතුරු පැදි කරුවන් දෙදෙනාම මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පන්නල්ගම 2සි,14 ඒ පදිංචි පි.ජි. සරත් පුෂ්පකුමාර (48) සහ පන්නල්ගම 1 සි, 65බි  පදිංචි කේ. ඒ. සිරිල් කන්නන්ගර (48) නැමැති සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරනු ලබන භටයින් දෙදෙනෙකි .

එක් යතුරුපැදියක් පන්නල්ගම සිට තොට්ටම දෙසටත්,   අනෙක් යතුරුපැදිය තොට්ටම ප්‍රදේශයේ සිට පන්නල්ගමට දෙසටත් එන අතරවාරයේදී මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.


අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරුවන්  අම්පාර රෝහලට ගෙන ඇත. එහිදී යතුරුපැදිකරුවන් දෙදෙනා මියගොස් ඇත. යතුරුපැදියේ පසුපස ගමන් ගත් අයෙක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් හිඳී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි  ජයන්ත රත්නායකගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 01 භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්ගේ මගපෙන්වීම මත  දමන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඩබ්  එම් උදයපාලගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධීර   ඇතුළු නිලධාරීන් පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටිති.

Exit mobile version