සිරිල් ගාමිනී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – සී.අයි.ඩි ය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

සිරිල් ගාමිණි පියතුමන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව අද (08) නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන් වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රතිචාරය මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වනු ලැබ ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.


සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් 2019 පාස්කු ප්‍රහාරයට අදාළව තමන් වෙත කරන ලද ද්වේශසහගත ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සාලි විසින් 2021 ඔක්තෝම්බර් 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරන ලදී.

පියතුමා තමාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කළ මේජර් ජෙනරාල් සුරේෂ් සාලි තමාට අපකීර්තියක් ගෙන ඒම සඳහා කරන චෝදනා අසත්‍ය බව ද අවධාරණය කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එ අනුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සුරේෂ් සලේ මහතා සිය පැමිණිල්ලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය. එයින් අනතුරුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අතර එමඟින් ම තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දක්වා තිබුණි.

Exit mobile version