සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ අරමුදල් සහ පළමු වැටුප පාකිස්ථානයෙන් ගෙවයි

පාකිස්ථානයේ කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියදී අන්තවාදීන් පිරිසක් ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ලබාදෙන අරමුදල සහ ඔහුගේ මියයාමෙන් පසු වසර 10ක් දක්වා පවුලට ලබාදීමට පොරොන්දු වූ පළමු වැටුප ලබාදුන් බවට පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ පක්ෂය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

අදාළ මුදල ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳගේ ගිණුමට රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් බැර කළ බවට ලියවිලි ද ප්‍රසිද්ධ කර ඇත.

ඒ අනුව අරමුදල වන අමෙරිකානු ඩොලර් 100000 ක් සහ පළමු වැටුප ලෙස ඩොලර් 1667 ක මුදල් බැර කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රියන්ත මහතා සේවයේ යෙදෙමින් සිටියදී එහි සේවකයන් ඇතුළු පිරිසක් අතින් ඝාතනයට ලක්වූයේ පසුගිය දෙසැම්බරයේය.

Exit mobile version