සිංහල සිනමාවේ පුරාවෘතයක් බඳු සටන් නළු වින්සන් කරූ දිවි සැරියෙන් සමු ගනී…

සිංහල සිනමා වංශ කතාවේ ප්‍රකට සටන් නළුවකු වන විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරූ අද සිය දිවි සැරියෙන් සමුගත්තේය.  මිය යනවිට ඔහු 79 වැනි වියේ පසුවූයේය.

වර්ෂ 1942 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී උපත ලද විල්සන් කරුණාරත්න හදවත් නැත්තෝ  චිත්‍රපටයේ රඟපාමින්  සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1974 වර්ෂයේදී ය.

දශක පහක   සිනමා දිවිය තුළ චිත්‍රපට 250කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ වින්සන් කරුගේ  අවසන් සිනමා කෘතිය වන්නේ වර්ෂ 2019 දී  තිරගත වූ තිත්ත ඇත්ත චිත්‍රපටය ය.

ඔහු ජීවිතයේ අවසන් කාලය ගෙවූයේ බොහෝ දුර්ග කම්කටොලු හුදකලාවන් මධ්‍යයේය. පසුගිය කොවිඩ් වසංගතය සමයේ දී රුපියල් පන්දහසක ආධාර මුදලක් ලබා ගැනීමට ගිය ඔහු සෞඛ්‍ය නීති කඩකිරීම චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සිදුවීමක් වාර්තා විය.


2021 වසරේ මාර්තු මාසයේ දී සිය නිවස තුළ ඇද වැටීම නිසා බරපතළ ලෙස රෝගාතුර වූ විල්සන් කරුණාරත්න, කොළඹ ජාතික රෝහලේ මාස ගණනාවක් නේවාසික ව ප්‍රතිකාර ගත්තේය. මිය යනවිට ඔහු සිටියේ රෝගාතුරවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය

Exit mobile version