සිංහල මිනිස්සු දේවත්වයෙන් සලකන යාපනයේ ඇස් දොස්තර

දිනසේන රතුගමගේ:

උතුරේ දෙමළ දේශපාලනඥයෝ යාපනයට වී ජාතිවාදී අදහස්වලින් මිනිසුන්ගේ මනස පුරවන අතරවාරයේ දකුණේ සිංහල ජනතාවගේ සිත් තුළ සදා පැළපදියම් වූ දෙමළ වෛද්‍යවරයෙකු අපට දැන ගන්නට ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැචවච්චිය හල්මිල්ලෑවව වැනි ප්‍රෙද්ශවල වැසියන්ගෙනි.

මෙම වෛද්‍යවරයා යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන අක්ෂි වෛද්‍ය විශේෂඥ මුත්තුසාමී මලවරන් මහතාය. ඔහුගේ කාරුණිකත්වය සමඟ ලැබෙන ප්‍රතිකාර පතා මේ වනවිට අනුරාධපුරය මැදවච්චිය පදවිය කැබිතිගොල්ලෑව වැනි සිංහල ගොවි ගම්මාන වල දුප්පත් ගැමියෝ යාපනය රෝහලට ඇදෙති. ඔහුගේ ගුණ ගැන සිහි කරන විටදීත් දෑත් එකට එක්ව ඔහුට සිතින් වඳින්නේ නිරායාසයෙනි.
මැදවච්චියේ ඩබ්ලිව්.ඒ. විජේසිරි මහතා මලවරන් ඇස් දොස්කර මහත්තයාගෙන් ප්‍රතිකාර ගන්නට යාපනේ බලා ගිය සිංහලයෙකි. ඔහු අක්ෂි රෝගියෙකු වී ඇත්තේ දියවැඩියා රෝගය නිසාය.ඔහුගේ ඇස් දෙකම අන්ධ වීමට ගිය අවස්ථාවේදී ඔහුට එක් ඇසක් බේරා දී ඇත්තේ මේ වෛද්‍යවරයාය.


” මට දියවැඩියාව හැදිලා දකුණු ඇහැ නරක්ම වෙලා ගියා.වම් ඇහැ බේරලා දුන්නේ මේ දොස්තර මහත්තයා තමයි.මට ඒකට වියදමක් කියලා ගියේ යාපනයට යන්න එන්න බස් කුළිය විතරයි”
කැබිතිගොල්ලෑව වැනි පළාත් වල ජනතාවද මේ වෛද්‍යවරයාට ඉතා ඉහළින්ම ගරු කරති.

”අපිව කිසිම දාක රස්තියාදු කරන්නේ නෑ.අපිට සල්ලි නෑ කියලා දැන ගත්තම අපේ ඇස්වලට කාච දාලා ඔපරේෂන් එක කරලා ඉක්මනින්ම ගෙවල් වලට එවනවා.ගෙදර ආවට පස්සේ අපිට ටෙලිෆෝන් කරලා අපේ තත්ත්වය ගැනත් අහනවා.”

අපි මේ පළාත් වල ඉඳලා යාපනේට ගියාම ඒ මහත්තයා අපිට හොදට සලකනවා. දෙපාරක් එන්න ඉඩ තියන්නේම නෑ..සමහර පරීක්ෂණ කරන්න සල්ලි ඕනෙම වෙනවා ඒත් මේ දොස්තර මහත්තයා කොහොම හරි ඒ පරීක්ෂණ ටික ඉස්පිරිතාලෙන්ම කරලා දෙනවා.

උතුරෙන් බැහැර සිංහල ජනතාව දෙමළ විශේෂඥ වෛද්‍යවරයා ගැන මෙසේ කතා කරද්දී අපට මතක් වන්නේ යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්තී වෛද්‍යවරයාය. ශ්‍රී ලංකාවේ සිටින දෙවන හොදම හා විශිෂ්ඨ රාජ්‍ය සේවකයාට හිමි රන් සම්මානය දිනාගෙන සිටින සත්‍යමූර්ති මහතා වවුනියාව මහ රෝහල නවීන පන්නයට ගොඩනැගීමට මූලික අඩිතාලම දැමූ අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැන්නකු යටතේ පාලනයබ වන රෝහලක සේවය කරන මේ සුවිශේෂී මනුෂ්‍යත්වයක් උරුම මේ වෛද්‍යවරයාට දකුණේ සිංහලයින්ගෙන් පින් අනුමෝදන් වන්නේද සත්‍යමූර්ති වෛද්‍යවරයා යාපනය රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් එම රෝහල දක්ෂ ලෙස මෙහෙයවන නිසාමය.

Exit mobile version