සිංහල බෞද්ධ බලවේගයට එරෙහි දෙමළ බලයක් හදන්න විග්නේස්වරන් මුල් වෙයි

ලෝක දෙමළ ජනතාවට ඊට එක් වෙන්න ඇරයුමක්... අරමුදල් රැස් කිරිමේ ව්‍යාපාරයකුත් අරඹලා...

දිනසේන රතුගමගේ –

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී රට තුළ සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැගීමට විශාල පිරිසක් උත්සහ දරණ නිසා සියලුම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා තම සන්ධානයට පූර්ණ සහය දක්වන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්    නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

දෙමළ  ජනතා දේශීය පක්ෂය (TMTK) විසින්  නිල වෙබ් අඩවියක් ආරම්භ කොට ඇති අතර ඒ ඔස්සේ ලෝකයේ සිටින දෙමළ ජනතාවට පණිවුඩයක් නිකුත් කරණ එම පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන්  ඊයේ (13)  ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට සමත් කිසිම දේශපාලන පක්ෂයක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී නොමැති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමත් යුද සමයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටුකරගැනීමත් යන ප්‍රශ්න දෙක හැරුණු විට දෙමළ ජනතාවට ඉටු කරගැනීම සඳහා තවත් අරමුණු රාශියක්ම ඇති බව සඳහන් කරණ  පක්ෂ නායකයා මේ වෙනුවෙන් අවශ්‍ය මුදල් සපයා දීමට ලෝකයේ සිටින සියලුම දෙමළ කොටස් උනන්දු විය යුතු බවද සඳහන් කොට තිබේ.


මුදල් බැර කිරීම සඳහා විශේෂ ගිණුමක් හඳුන්වා දී ඇති විග්නේස්වරන්   තවදුරටත් සඳහන් කොට ඇත්තේ එම ගිණුමට බැර කරණ මුදල් දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මිස  දේශපාලන කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට යොදා නොගන්නා බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් යම් ශක්තිමත් දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීම තමාගේත් තම පක්ෂයේත් අරමුණ බව කියන විග්නේස්වරන්  මේ ගෙන යන දේශපාලන අරගලයට  සමස්ත ලෝකයේම දෙමළ බලවේග වල සහය ලබා දෙන මෙන් ඉල්ලා ඇත.

Exit mobile version