සිංහල දෙමළ ප්‍රශ්නය විසඳන්න ජාත්‍යන්තර මැදිහත්වීම් ඕන නෑ… ශ්‍රී ධරන් කියයි.

ආණ්ඩු ටී.එන්.ඒ එක රවට්ටපු නිසා සිද්ධ උනේ පාක්ෂිකයින් පක්ෂය දාලා ගියපු එක.

දිනසේන රතුගමගේ –

එකම රටක් තුළ පවතින අර්බුදයක්  විසඳීම සඳහා අවශ්‍ය වන්නේ ගිවිසුම් අත්සන් කිරීමක් හෝ විදෙස් රටවල සහය ලබා ගැනීමක් නොව  මේ රටේ විද්වතුන් එක් වී දෙමළ ජනයාට හිමිවිය යුතු අයිතිවාසිකම් පිළිබඳව විද්‍යානුකූල විමසීමක් කර ඊට ගැලපෙන පරිපාලන  ව්‍යුහයක් සකස් කිරීම පමණක්  බව කිළිනොච්චි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් ඊයෛ් (28) කිළිනොච්චියේ දී පැවසීය. 

මෙවර මහ මැතිවරණය සදහා ආධාර ලබා ගැනීම පිණිස සංවිධානය කළ රැස්වීමක් අමතමින් කතා කල ශ්‍රීධරන් මහතා කියා සිටියේ මේ රටේ තවමත් දෙමළ සිංහල වශයෙන්  වෙන්කොට කරන සැලකිල්ල  වර්ථමානයේදී හෝ අඩුවිය යුතු බවය.

 දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීම සදහා  අතීතයේදී ඒ ඒ කාල වල පැවති රජයන් විවිධ ගිවිසුන්ම් අත්සන් කොට ඇතත් ඒ කිසිම ගිවිසුමකින් දෙමළ ජනතාවට හෝ සිංහල ජනතාවට යහපතක් සිදු නොවූ බව ශ්‍රීධරන්  පෙන්වා දුන්නේය.


දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු විසදා ගැනීම සඳහා දෙමළ ජාතියෙන් කොටසක් ආයුධ සන්නද්ධ අරගලයක් කරා යොමු වූයේ  මේ ප්‍රශ්න විසදීම සඳහා ඒ ඒ රජයන් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් තුළ වූ දුර්වලකම් නිසා බවද ශ්‍රීධරන්  මෙහිදී ප්‍රකාශ කළේය.  ඉදිරියේදී බලයට පත්වන රජයක් හෝ මේ සියලු වැරදි හා ඌණතා මග හැරවීමට කටයුතු කළ යුතුව ඇතැයි කියා සිටියේය.

දෙමළ ජාතික  සන්ධානය දේශපාලන පක්ෂයක් වශයෙන් බිහිකල දා සිට උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා සියලුම දෙනා සමග සාකච්ඡා කළ නමුත් ඒ සියලුම නායකයින් ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමට හා ආරක්ෂා කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගත්තා මිස දෙමළ ජනතාවට ලබා දුන් කිසිවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ ඒ රජයන්  විසින් දෙමළ ජාතික සන්ධානය රැවැට්ටුවා. මේ රැවටීම කෙළවර උනේ සාමාන්‍ය දෙමළ ජනතාවද පක්ෂය අතහැර යන තත්ත්වයක් ඇති වීමෙන්. ඊට හේතුව රජයෙන් විවිධ තාන්න මාන්න ලබා ගෙන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රැවටවූ බවට  විරුද්ධ දේශපාලන පක්ෂ විසින්  මතවාදයක්ල ගොඩ නගපු නිසා. යා ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදු වුනේ නෑ… මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීවේය.

Exit mobile version