සෑම පැය 08කටම වරක් දියේ ගිලී අයෙක් මිය යන රටක් අද ලෝක දියේ ගිලීම් වැලැක්වීමේ දිනය සමරයි…

ශ්‍රියානි විජේසිංහ –

දියේ ගිලීම හේතුවෙන් සෑම පැය 8ට වරක් පුද්ගලයෙක් මිය යන බවත් මෙය වසරකට 1000 – 1200 අතර සංඛ්‍යාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ අනතුරු වැලැක්විමේ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සඳහන් කරයි.

ලංකාව තුළ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 10000 – 12000 ක් අතර දෙනා මිය යන බවත් මින් සියයට 10ක්ම එනම් 1000 – 1200 අතර සංඛ්‍යාවක් දියේ ගිලීමෙන් මිය යන බවත් විශේෂඥවරයා පෙන්වාදේ.

ලොව පුරා වසරකට දියේ ගිලීම් හේතුවෙන් ලක්ෂ 2ක පමණ දෙනා මිය යන අතර මින් වැඩිම පිරිස තුන්වන ලෝකයේ ජිවත් වන්නන් යැයි ද විශේෂඥවරයා පැවසුවේය.

ලෝකයේ දියේ ගිලීම් හේතුවෙන් මරණයට පත්වෙන වැඩිම පිරිස වයස අවුරුදු 1- 4 අතර අය වුවද ලංකාවේ ‌මෙම වයස් කාණ්ඩය අවුරුදු 20 – 21 වන බව වෛද්‍ය සිරිතුංග පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදට (25) වෙනිදාට යෙදී ඇති ලෝක දියේ ගිලීම් වැලැක්වීමේ දිනය නිමිත්තෙන් කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය සිරිතුංග මේ බව හෙළි කළේය.

Exit mobile version