සෑම ගෘහස්ත ගෑස් සිලින්ඩරයකම ගෑස් ප්‍රමිතිය වෙනස් කළ හැටි සජිත් පාර්ලිමේන්තුවේ හෙළි කරයි!

සෑම ගෘහස්ත ගෑස් සිලින්ඩරයකම ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව  බව තමන් වගකීමකින් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඉන්ටර්ටෙක් රසායනාගාරයේ සිදුකළ පර්යේෂණ වාර්තා තුනක් උපුටා දක්වමින් විපක්ෂ නායක්‍ වරයා කීවේ සෑම ගෘහස්ත ගෑස් සිලින්ඩරයකම ප්‍රොෆේන් බියුටේන් ප්‍රතිශතය එහි දක්වා ඇති 30 -70 ප්‍රතිශතය නොව ඇත්තේ 50 -50 ප්‍රතිශත බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාරිභෝගික කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමතිවරයා ගෘහස්ත ගෑස් සම්බන්ධ ප්‍රමිතියේ ගැටලුවක් නැති බව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධවය.


රාජ්‍ය ඇමතිවරයා  පැවසූ ආකාරයට ගෘහස්ථ ගෑස්වල  සංයුතිය ගැන ප්‍රමිතියක් රටේ නැති බවත්, ඇත්තේ ගෑස් සිලින්ඩරයේ පීඩනය පිළිබඳ ප්‍රමිතියක් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.

ඔහු මේසේ ද පැවසුවේය.

මේ අවුරුද්දෙ අප්‍රේල් මාසයේ 26 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය ඉන්ටර්ටෙක් කියන ආයතනයෙන් වාර්තා තුනක් අරන් තියනවා. ඒ වාර්තාවල ලිට්‍රෝ 12.5 ගෑස් සිලින්ඩරයේත්, ලීටර 18 සිලින්ඩරයේත් ලාෆ් 12.5 සිලින්ඩරයේත් ප්‍රොපේන් බියුටේන් ප්‍රතිශතය 30-70  නොව 50-50 කියලා දීලා තියනවා.

මා කරුණාකරලා ඔබතුමාගෙන් ඉල්ලනවා සියලු දෙනාගේම දැනගැනීමට මේ පරීක්ෂණ වාර්තා සභාගත කරන්න කියලා.

ප්‍රමිති ආයතනයෙන් ප්‍රමිතියක් හදලා තියෙන්නෙ 2012 ගෑස් සිලින්ඩරයේ තියන ප්‍රෙෂර් එක ගැන. ගෑස් පිළිබඳව නෙමෙයි. ඒ ගැන ඔබතුමාට යෝජනා කරනවා ප්‍රමිති ආයතනයනත් එක්ක මේ ප්‍රමිතිය යාවත්කාලීන කරන්න. එතකොට තමයි  ඔබතුමාට පාරිභෝගික සේවා අධිකාරිය ලෙස පියවරක් ගන්න පුලුවන්.

මා වගකීමකින් කියනවා ඉන්ටර්ටෙක් වාර්තා තුන දිහා බලන්න. ප්‍රොෆේන් බියුටේන්  30 – 70 ප්‍රතිශතය උල්ලංඝණය කරලා 50 -50 ප්‍රතිශතයට ආවා කියලා. මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රටේ ජනතාවගේ  දැනුම්වත්වීම උදෙසා ඒක සභාගත කරන්න. හැන්සාඩ්ගත කරන්න.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වගේම මම කියන්න කැමතියි ගරු කතානායක තුමාට. මේ ගෑස් පිලිබඳ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි. මේක මිනිස් ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්.

Exit mobile version