සැලසුම් කළ සියලුම සැත්කම් ඉවරයි…. නිර්වින්දන විශේෂඥවරයා නොදන්වා රට හැර යාමෙන් හම්බන්තොට මහ රෝහල බරපතල අර්බුදයක…

Hospital

හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විධිමත් අවසරයකින් තොරව  හොර රහසේම විදෙස් ගත වීම හේතුවෙන්   දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනා රෝගීන් කීප දෙනෙකු සඳහා සැලසුම් කර තිබූ  අත්‍යාවශ්‍ය ජීවිත ආරක්ෂක සැත්කම් සහ සිසේරියන් සැත්කම් ඇතුළු සැලසුම් කළ සියලුම සැත්කම්    කරගත නොහැකිව සෙසු විශේෂඥ වෛද්‍යවරු  බරපතල  අර්බුදයකට මුහුණ දී   ඇතැයි  ඇතැයි වාර්තා වේ.

දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් කරන සැත්කම්  හා සඳුදා දිනයේ සිට දෛනිකව සිදුකරන සැලසුම් කළ සැත්කම් පහකට ආසන්න ප්‍රමාණය   සඳහා  පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරීමට අනිවාර්යෙන්ම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතුව ඇත.

එසේ තිබිය දී  විදේශගතවීම සඳහා විධිමත් අවසරයකින් තොරව මෙම නිර්වින්දන වෛද්‍යවරයා රටින් පිටවී ඇත්තේ දින කීපයක කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් යැයි  රෝහල් ආරංචි මාර්ග කියයි..

ඔහු විදේශගත වී ඇති බවන දන්නේ  අද  (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් තමන් එංගලන්තයට පැමිණි බව දැන්වීමෙන් අනතුරුව යැයි දැනගන්නට ඇත.  මේ වනවිට වෛද්‍යවරුන් රටින් පැන යන ආකාරය මෙය බවත්, මේ සිද්ධිය පෙළ ගැසී ඇති ආකාරය අනුව ඔහු යළිත් රටට එනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.


මෙම වෛද්‍යවරයා විශේෂඥ පුහුණුව සහිතව ලංකාවට පැමිණ ලද පළමු පත්වීම මෙය වීමත් එම පත්වීම් ධූරයේ ඔහු රාජකාරි කර ඇත්තේ මාස තුනක පමණ කෙටි කාලයක් වීමත් ගැන රෝහල් ආරංචි මාර්ග කතා කරන්නේ කළකිරීමෙනි.

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර  පවසා ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක  නිවාඩුවක්  ලබා ගත් නමුත් විදෙස් ගත වී ඇති බව රෝහලේ දී ආරංචිවන තුරු නොදන්නා බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ඔහු ලිඛිතව   දැනුම් දි නැතැයි  කී රෝහල් අධ්‍යක්ෂවරයා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ ‍රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න නම් බරපතල ප්‍රශ්නයක් බව පවසා ඇත.

Exit mobile version