සැමියාගේ පරිගණකය අල්ලන්නවත් බෑ – බිරිඳට උසාවියෙන් නියෝගයක්

සිය සැමියාගේ පරිගණකයේ දත්ත, ලේඛන, කෙටි පණිවුඩ හෝ සැමියාගේ පරිගණකයේ ගබඩා කර ඇති වෙනත් තොරතුරු රැස්කිරීම හෝ වෙනත් නිරීක්ෂණ උපකරණ භාවිතා කිරීම වළක්වාලමින් බිරිඳකට ගල්කිස්ස දිසා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය ජූලි 20 දක්වා ක්‍රියාත්මක වන පරිදි ඇයට වෙත පනවා ඇත.

සැමියකු විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ් පෙත්සමක් ගොනු කර තිබුණේ තමා නිවසේ නොමැති අවස්ථාවලදී තම බිරිඳ විසින් අනීතික හා වැරදිසහගත ලෙස තම පෞද්ගලික පරිගණකය භාවිත කරන බවයි.


තම බිරිඳ පරිගණකයේ ඇති තොරතුරු බාගත කරගෙන ඇති බවත් තම කාමරයේ රහසිගත ලෙස සවිකරන ලද උපකරණ මගින් තම දුරකතන සංවාද පටිගත කර ඇති බවත් ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට දන්වා ඇත.

මොවුන් දෙදෙනා අතර දික්කසාද නඩුවක් එකම අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිඳ උතුරු පළාතේ රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කළාය.

Exit mobile version