ශ්‍රියානි විජේසිංහ –
-
ග්‍රාමසේවක වසම් මට්ටමින් ජනතාව දැනුම්වත් කරමින් රටම විරෝධතාවයකට පෙළගස්වන බව ග්‍රාම නිලධාරීහු කියති…
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ හෙට (1) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත සාකච්ඡාව අසාර්ථක වුවහොත් දැනට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අඛණ් වැඩ වර්ජනයක් දක්වා ගෙන යාම 2 දා (අගහරුවාදා) සිට ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.
වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සමගාමීව රටපුරා උද්ඝෝෂණ , විරෝධතාවන් පැවැත්වීමටත් ඒ සඳහා මහජනතාව සහභාගි කරවා ගැනීම සඳහා තම වසමේ ජනතාව දැනුවත් කිරිමටත් සුදානම් වන ලෙස සියලුම සාමාජිකත්වය දැනුවත් කළ බව සන්ධානය පවසයි.
සාකච්ඡාව සඳහා හෙට දිනයේදී සහභාගි වුවද අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අත් නොහරින බව සන්ධානය පවසා සිටියි.
ග්‍රාම නිලධාරින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත්කිරිමේ කටයුතු, ග්‍රාම සේවා සහතික ලබා ගැනීම, මරණ සහතික නිකුත් කිරිම, අස්වැසුම, උරුමය ඇතුළු බොහෝ කටයුුතු ඇනහිටීම හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවද වාර්තාවේ.