ස්විස් බැංකුවේ කළුසල්ලි හැංගූ ඉන්දීයාවේ තුන්වැනි ලැයිස්තුවත් එළියට දමයි

ස්විස් බැංකුවේ රහසිගතව සඟවා තිබෙන ඉන්දියානු ජාතිකයින්ගේ තුන්වන ගිණුම් තොරතුරු ලැයිස්තුව ඉන්දීය බලධාරීන්ට ලබා දීමට ස්විස් රජය පසුගියදා පියවර ගෙන තිබේ.

මෙය සිදු කෙරුණේ ස්විස්ටර්ලන්තය විසින් රටවල් 96 ක් සමඟ දළ වශයෙන් විදේශිකයන්ගේ බැංකු ගිණුම් මිලියන 33 ක තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක කොටසක් ලෙස ය. තවත් එවැනි තොරතුරු ලැයිස්තුවක් ඉන්දියාවට ලබන වසරේදී ලබාදීමට නියමිතය.

නිලධාරීන් තොරතුරු හෙළිදරව් කළේ ප්‍රධාන වශයෙන්ම අග්නිදිග ආසියානු රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල් කිහිපයකම පදිංචි වී සිටින්නන් ඇතුළු ව්‍යාපාරිකයින්ගේ ස්විස් ගිණුම් තොරතුරු මෙලෙස හුවමාරු කෙරේ.


බදු නොගෙවා රහසිගතව සිය වත්කම් සඟවා තැබිය හැකි ලෝකයේ වඩාත්ම පුද්ගලික බැංකු පද්ධතියක් ලෙස ස්විස් බැංකුව ප්‍රසිද්ධය.

ගවේෂණාතත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය විසින් පැන්ඩෝරා අනාවරණයට පෙර 2007 වසර වනවිට ස්විස් බැංකුවේ රහසිගතව වත්කම් සඟවා තිබූ ධන්වතුන්ගේ තොරතුරු ස්විස් ලීක්ස් නමින් හෙළිකර තිබුණි. රටවල් 203ක ධනවතුන්ගේ වත්කම් ඩොලර් බිලියන 100කට වඩා වටිනාකමැති ගිණුම් 106000ක තොරතුරු ඔවුන් සතු විය. මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව රටවල් ගණනාවක් එම තොරතුරු පිළිබඳ ස්විස් රජයෙන් ඉල්ලා සිටි අතර මුල්‍ය රහසිගතභාවය පිළිබඳ මෙතෙක් පැවති කරුණු අහෝසි වන පනතක් එරට පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමත් සමග ස්විස් රජය විසින් නිල වශයෙන් ඉල්ලීම් කරන රටවල රජයන් සඳහා පමණක් මෙලෙස ඒ ඒ රටවල පදිංචිිකරුවන්ගේ බැංකු තොරතුරු හෙළිකරනු ලබයි.

ස්විස් ලීක්ස් මගින් සවිස්තර වාර්තාවක් එමගින් හෙළිකර නැතත් ශ්‍රී ලංකාවේ ධනවතුන් 92නෙකුගේ එවැනි බැංකු ගිණුම් 129ක් පිළිබඳ අනාවරණය කරගෙන තිබුණි. ඔවුන්ගේසැඟවූ වත්කම්වල වටිනාකම ඒ වනවිට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 58.3ක් බවට ICIJ අනාවරණය කර තිබේ. ඔවුුන් හෙළිකරගත් දත්තවලට අනුව ශ්‍රී ලංකාව ස්විස් බැංකුවේ වත්කම් හැංගූ රටවල වත්කම් ප්‍රමාණය අතින් 112 වැනි තැනට ශ්‍රේණිගත කර තිබුණි. මෙම වටිනාකම් සඳහන් කර තිබුණේ ඔවුන් අනාවරණය කරගත් සීමිත කාලයක් තුළ පැවති බැංකු ගිණුම්වල වත්කම් පමණි. එක් සේවාදායකයකු විසින් ස්විස් බැංකුවේ රඳවා තිබූ වත්කම් වල වැඩිම වටිනාකම වූයේ ඩොලර් මිලියන 10කි. ‍මේ 2007 වනවිට හෙළිකරගත් තිබූ තොරතුරු පමණි.

ඉන්දියාවට ලැබුණු ස්වයංක්‍රීය තොරතුරු හුවමාරු දත්ත (ඒඊඕඅයි) දත්ත මඟින් ස්විස්ටර්ලන්තයේ ඇති ඕනෑම තැන්පතු හා ස්ථාන මාරුවීම් මෙන්ම ආයෝඡන තුළින් උපයන ලද මුදල් ඇතුළු සම්පූර්ණ ආදායම ඇතුළත් වන බැවින්, ගණන් නොගත් වත්කම් ඇති අයට එරෙහිව දැඩි නඩු පැවරීමක් සිදු කිරීමට මෙම තොරතුරු ලබාගන්නා රටවලට හැකියාව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බදු ගෙවන්නන් බදු ගෙවීමේදී තම මූල්‍ය ගිණුම් නිසි පරිදි නියෝජනය කර තිබේද යන්න තක්සේරු කිරීම සඳහා සන්නිවේදන තොරතුරු බදු බලධාරීන් විසින් භාවිතා කරනු ඇත. නම, ලිපිනය, පදිංචි රට සහ බදු හැඳුනුම්පත් අංකය වැනි හඳුනා ගැනීම, ගිණුම සහ මූල්‍ය තොරතුරු මෙන්ම වාර්තාකරණ මූල්‍ය ආයතනය, ගිණුම් ශේෂය සහ ප්‍රාග්ධන ආදායම පිළිබඳ තොරතුරු ද මාරු කළ විස්තර අතර වේ.

Exit mobile version